News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

දුම්රිය වර්ජනය ගැන ජනපති කියන කතාව.

885 Views


දුම්රිය වර්ජනය ගැන ජනපති කියන කතාව.

වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කලා.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බවයි ජනාධිපතිතුමා එහිදී පෙන්වා සිටියේ.

ගැටලූ විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡුා කිරීමට අවස්ථාව පවතින බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කලා.

ජනධිපතතුමා කියා සිටියේ පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බවයි.

එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලූ විස`දාගැනීමට කටයුතු කරන ලෙස වැඩවර්ජන වල නිරත පිරිස් වලින් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post