News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

දුම්රිය වර්ජනයෙන් අපහසුතාවයට පත් මගීන්ට දුරකථන අංකයක්.

934 Views


දුම්රිය වර්ජනයෙන් අපහසුතාවයට පත් මගීන්ට දුරකථන අංකයක්.

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කලේ ගැටලූකාරී තත්වයන් 011 7 555 555 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවයි.

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ 6,000 ක් පමණ යොදවා ඇති බවද ඔහු සදහන් කලා. සභාපතිවරයා කියා සිටියේ මේ දිනවල පාසල් නිවාඩු බැවින් පාසල් සේවය සඳහා යොදා තිබූ බස් රථ 500 ක් සාමාන්‍ය මගී ප‍්‍රවාහනයට යොදවා ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය බස් රථ වලට වඩා අතිරේක බස් රථ 100 පමණ යොදවා තිබෙනවා. දුම්රිය වාරප‍්‍රවේශ පත‍්‍රය මගින් එම බස් රථවල ගමන් කිරීමට ද මගී ජනතාවට හැකි බව ඔහු සඳහන් කලා.

දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයේ නිරතව සිටින්නේ ඊයේ පස්වරුවේ සිටයි. ඒ 3,000 ක සේවක පිරිසකගේ මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post