ජාතික හැදුණුම්පත ලබා ගැනිමේ අයදුම්පතක් සදහා ලබන සැප්තැම්බර් මස පළමුවනදා සිට රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා.
ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කලේ ඊයේ දිනයේ දීයි.
සැප්තැම්බර් මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක්.
පසුගිය ජූලි මස 08 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබූ මෙම ගාස්තු සංශෝධනය බලපැවැත් වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන කෙටුම් පතක් ඉදිරිපත් වුණා.
එය 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡුන්ද ප‍්‍රකාශ කිරීමට නියමිත ජනතාවට හැඳුණුම්පත් ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කල් දමා තිබුණා.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe