News Line| Off Air| Games
Generic placeholder image

Aug
10

අපරාධ රැසකට සම්භන්ධ පුද්ගලයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට.

431 Views


අපරාධ රැසකට සම්භන්ධ පුද්ගලයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට.

අපරාධ රැසකට සම්භන්ධ පුද්ගලයෙකු පෑලියගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදු කල වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු නැමැත්තෙක්. සැකකරුගේ නිවසේ ගිනි අවි ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහි තිබී හෙරොයින් ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 840 ක් මිලි මීටර 09 වර්ගයේ ජීව උණ්ඩ 05 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අන්සතු ජාතික හැඳනුම් පත් 37ක් ගුවන් ගමන් බලපත‍්‍ර පහක් හා රියදුරු බලපත‍්‍ර දෙකක් ද එහිදී සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව තියුණු ආයුධ කිහිපයක් ද සෙයා ගෙන තිබෙනවා. මේ සම්භන්ධයෙන් එම නිවසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post