News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවධානය.

395 Views


දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවධානය.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ දුම්රිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් මගීන් පත්ව ඇති අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 08 වනදා පස්වරු 3.00ටයි.

ඒ දුමිරිය ශ්‍රේණි කිහිපයක මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

මේ අතර දුම්රිය සේවක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් වන මගී ජනතාව වෙනුවෙන් බස් රථ 6 000ක් යොදවා ඇති බව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප‍්‍රකාශ කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට දිවයිනේ සියලූ‍ ප‍්‍රදේශ ආවරණය වන පරිදි බස් සේවා ක‍්‍රියාත්මක බවයි.

දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍ර හිමියන්ට ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කළ හැකියි.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post