කොල්ලකෑම් රැුසකට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිට්ටඹුව එල්ලක්කල ප‍්‍රදේශයේදියි.
සැකකරු 31 හැවිරිදි එල්ලක්කල ප‍්‍රදේශයේ පදිංචිකරරුවෙක්. ඔහු අද ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු 20015 වසරේ සපුගස්කන්ද හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුලූ වී ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් සහ රුපියල් ලක්ෂ 80 ක රන් භාණ්ඩ කොල්ලකා තිබෙනවා.
එමෙන්ම ගම්පහ පාදුක්ක වැලිවේරිය ප‍්‍රදේශයන්හි සිදු කරන ලද කොල්ලකෑම් සිද්ධීන් 05 ක් සම්බන්ධයෙන් සැකකරු 2015 වසරේදී අත්අඩංගුවට ගෙන නඩු පවරා මේ වනවිට වරෙන්තු නිකුත් කර ඇති බව ද පොලිසිය සදහන් කළා.
මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හෙරොයින් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත සහ ගන්දර ප‍්‍රදේශවලදීයි. සැකකරුවන් අද මාලිගාකන්ද සහ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala