News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

පාර්ලිමේන්තු විපක්ෂ නායක ධූරය පිළිබඳව යළිත් ගැටලුවක්.

498 Views


පාර්ලිමේන්තු විපක්ෂ නායක ධූරය පිළිබඳව යළිත් ගැටලුවක්.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පිලිබඳව කථානායකවරයා විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ද්වේශ සහගත අපහාස කිරීම් අනුමත නොකරන බව කතානායක කාර්යයාලය පවසනවා.

එම නිවේදනයේ දැක්වුණේ තමන් අපේක්ෂා කරන මතය ප‍්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීම සහ පදනම් විරහිතව විවේචනය කිරීම අනුමත නොකරන බවයි.

කරු ජයසූරිය මහතා කතානායක ධූරයට පත්වූදා සිට මේ වනතෙක් සියලූ දේශපාලන ක‍්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බව ද කතානායක කාර්යයාලය අවධාරණය කරනවා.

කථානායකවරයා විසින් විපක්ෂ නායක ධූරය පිළිබඳව ස්වකීය තීන්දුව ගනු ලැබුයේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි.

ඒ සඳහා දේශීය හා විදේශීය විශාරදයින්ගේ අදහස්, අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පවතින සම්ප‍්‍රදායන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය හා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රමිතීන් ද විමසා බලා තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල සහ වර්තමාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් එවන ලද ලිපි සහ ඒවායේ සඳහන් නිර්දේශයන් ද මෙම තීරණය ගැනීමේදී සලකා බැලූ බව සඳහන්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සම්ප‍්‍රදාය වනුයේ කතානායකවරයා විසින් දෙනු ලබන තීරණය පිලිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඊට අවශ්‍ය ඊළඟ පියවර ගැනීමයි.

එසේ නොමැතිව පහත් අයුරින් ප‍්‍රසිද්ධියේ විවේචනයන්ට ලක් කිරීම ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරන බවයි කතානායක කාර්යයාලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post