News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

නේවි සම්පත් අත්අඩංගුවට.

434 Views


නේවි සම්පත් අත්අඩංගුවට.

අතුරුදන්ව සිටි හිටපු ලූ‍තිනන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

2007 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව සැකකරු වරෙන්තු ලබා සිටියා.

නේවි සම්පත් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා අතරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතා ඝාතන සිද්ධියද ඇතුලත්.

පොලීසිය සදහන් කලේ සැකකරු දොම්පේ ප‍්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් ද සකස් කරගෙන සිටි බවද පොලීසිය ප‍්‍රකාශ කලා

සැකකරු වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නාවික හමුදාවේ හිටපු ලුතිනන් වරයෙක්..

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post