News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට.

528 Views


කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට.

දිවියින පුරා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වැලිමඩ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වැලිමඩ ප‍්‍රදේශයේ සිදුවු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධව සිදුකළ විමර්ශනයකදී එම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි.

ඒ අනුව සකකරු සිය නිවසේ සිටියදී අතඅඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කලා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු හෙරොයින් පානය කරමින් සිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වැලිමඩ මොරගෙල්ල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

සැකකරු සතු තිබී සොරා ගන්නා ලද රුපියල් ලක්ෂයක පමණ වටිනා ජංගම දුරකථන 04ක්, ජාතික හැඳුනුම්පත් 04ක්, රියදුරු බලපත‍්‍ර 04ක්, සහ මුදලින් රුපියල් පහලෙස් දහසක් සහ විදෙස් මුදල් ප‍්‍රමාණයක්ද සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කලේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 750ක්ද හමුවූ බවයි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post