News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

වැලිකඩ වහලයට නැග්ග කාන්තා රැදවියන්ගේ විරෝධතාව තවදුරටත්.

464 Views


වැලිකඩ වහලයට නැග්ග කාන්තා රැදවියන්ගේ විරෝධතාව තවදුරටත්.

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග කාන්තා රැදවියන් ආරම්භ කල විරෝධතාව තවදුරටත් ක‍්‍රියාත්මකයි. මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින රැදවියන් පිරිසක්.

තමන්ට එරෙහි නඩු කඩිනම්න් විභාග කර අවසන් කරන ලෙස ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වනවා. බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බැවින් ඒ පිලිබදව අවධානය යොමු කරන ලෙස ද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්.

වැලිකඩ එම බන්ධනාගාරයේ සේවය කළ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන ජේලර්වරියකට ලබාදුන් ස්ථාන මාරුව හේතුවෙන්, මෙම විරෝධතාව ක‍්‍රියාත්මක කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කලේ.

අදාළ චෝදනා එල්ල වන ජේලර්වරිය සම්බන්ධයෙන්, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මෙම කාන්තා රැුදවියන් ඊයේ පෙරවරුවේ සිට වරින් වර වහලය මතට නැග මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටිනවා.

ඊයේ රාත‍්‍රියේ ද මෙම රැදවියන් වහලය මතට වී විරෝධතාවයේ නිරතව සිටි බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ
විරෝධතාව සදහා රැුදවියන් 20 දෙනෙකු පමණ එක්ව සිටිනවා.

විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරියෙකු අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිළධාරියෙකු අද එහි යාමට නියමිතයි. විරෝධතාව අතහැර සාකච්ඡුා සඳහා පැමිණෙන ලෙසට රැදවියන්ට දැනුම් දී තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post