News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

විමලසුරේන්ද්‍ර හා කොත්මලේ වාන් දමයි.

510 Views


විමලසුරේන්ද්‍ර හා කොත්මලේ වාන් දමයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

ඒ කාසල්රි හා විමසුරේන්ද්‍ර ජල පෝෂක ප‍්‍රදේශ වලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි හා මවුස්සාකැලේ ජලාශ වලද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟම කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල් පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බල මණ්ඩලය සදහන් කලේ.

මේ අතර දිවයිනේ වැසි හා සුළං අද සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව මධ්‍යම හා බස්නාහිර පළාත් වලත් ගාල්ල මාතර දිස්ත‍්‍රික්ක වලත් වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි වැසි ඇති විය හැකි වනවා. මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 55 ක් දක්වා වැඩි විය හැකියි.

එවිට එම මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post