News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක්.

453 Views


මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක්.

රත්නපුර මාරපන ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් මැණික් ව්‍යාපාරිකයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ. මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ රත්නපුර නිවිතිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබූ සැකකරුවන් සොයා රත්නපුර පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි. මේ වසරේ ගත වූ කාලය තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 30 ක් වාර්තා වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post