News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාරයට.

583 Views


නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාරයට.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හේට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්‘ නැමැත්තා ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අද කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි.

වරෙන්තු ලැබ දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටිම හේතුවෙන් සැකකරුට ඇපදිම මහෙස්ත‍්‍රාත්වරිය විසින් ප‍්‍රතික්ෂේප කළා.

අතුරුදන්ව සිටි නේවි සම්පත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේ දීයි.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර විවෘත වරෙන්තු 3ක් නිකුත් කර තිබුණා.

එම වරෙන්තු නිකුත් කර තිබුනේ 2007 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම ඇතුලූ සිද්ධි කිහිපයකට අදාළවයි.

නේවි සම්පත් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා අතරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතා ඝාතන සිද්ධියද ඇතුලත්.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post