අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඉන්දීයාවේ කේරල ප‍්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ එම ප‍්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශතවර්ෂයකින් කේරල ප‍්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය වනවා.
ඉතිහාසයේ ප‍්‍රථම වරට ප‍්‍රාන්තයේ පිහිටි ප‍්‍රාන්තයේ ජලාශ 39 න් 35 කම වාන් දොරටු විවෘත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
ගංවතුර හමුවේ කේරළ ප‍්‍රාන්තයේ පාසල් රැසකට නිවාඩු ලබා දී තිබෙනවා.
පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර අදාළ ප‍්‍රදේශ වල සංචාරය කිරිමෙන් වළකින ලෙයසි දැනුම් දි ඇත්තේ.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe