News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් මුදල් කොල්ලකෑ 8 දෙනෙක් අත්අඩංගුවට.

489 Views


මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් මුදල් කොල්ලකෑ 8 දෙනෙක් අත්අඩංගුවට.

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක් වංචා කල පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු කාන්තාවන් බවයි.

මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මඩකලපුව සහ පුලිදුමලෙයි ප‍්‍රදේශ වල පදිංචි පිරිසක්.

සැකකරුවන් විසින් දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරයාගේ රබර් මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අදාල මුදලින් ලක්ෂ 36ක ප‍්‍රමාණයක් සමෘද්ධිලාභීන් 7 දෙනෙකුගේ ගිණුම් වෙත බැර කර තිබෙනවා.

පොලීසිය සදහන් කලේ ඉතිරි රුපියල් ලක්ෂ 21ක මුදල වංචාව මෙහෙයවූ ප‍්‍රධාන සැකකරුගේ ගිණුමට චෙක් පතක් මගින් බැර කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post