මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට පාසල් පැවැත්වීමෙන් අනතුරුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර මුස්ලිම් පාසල් සදහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණේ ලබන 20 වනදායි.
නමුත් ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය ලබන 22 වනදාට යෙදී තිබීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදීමේ දින සංශෝධනය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
මුස්ලිම් පාසල් සදහා තෙවන පාසල් වාරය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය පසුගිය 03 වනදා අවසන් වූ අතර තෙවන පාසල් වාරය ලබන මස 03 වනදා ආරම්භ වනවා.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka