නවතම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම බවට ලෝක ශූර ප‍්‍රංශ කණ්ඩායම පත්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේළනය විසින් අද දිනයේදී නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි.
එම ශ්‍රේණි ගත කිරීම් වල 2 වන ස්ථානය බෙල්ජියමටත් 3 වන ස්ථානය බ‍්‍රසීලයටත් හිමිව තිබෙනවා. ලෝක කුසලානයට පෙර පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 20 වන ස්ථානයේ රැදී සිටි ක්‍රොඒෂියානු කණ්ඩායමට සිව් වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට හැකිව තිබෙනවා.
එමෙන්ම 5 වන 6 වන සහ 7 වන ස්ථානය පිලිවලින් හිමිව ඇත්තේ උරුගුවේ එංගලන්තය සහ පෘතුගාල කණ්ඩායමටයි.
පසුගිය ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය හිමිකර ගත් ජර්මනියට නවතම ශ්‍රේණිගත කිරීම් වල හිමිව ඇත්තේ 15වන ස්ථානයයි.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ආසියානු කලාපයේ ඉදිරිටෙයන්ම පසුවීමට 32 වන ස්ථානය හිමිකරගෙන සිටින ඉරානය සමත්වී ඇති අතර එහි 2 වන සහ 3 වන සථාන පිලිවලින් ඕස්ටේ‍්‍රලියාව සහ ජපානය හිමිකර ගෙන සිටිනවා
දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම පසුවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව 96 වන ස්ථානයේ සිටින ඉන්දියාවයි.
ශ්‍රේණිගත කිරීම් වල 145 වන ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථානය 2 වන දැනටත් ශ්‍රේණිගත කිරීම් වල 150 වන ස්ථානයේ සිටින මාලදිවයින 3 වන ස්ථානයත් ලබා ගෙන සිටිනවා.
පිලිවලින් ලෝක ශ්‍රේණි ගත කිඍීම් වලට අනුව 161 වන ස්ථානය නේපාලයටත් 183 වන ස්ථානය භූතානයටත් 194 වන ස්ථානය බංග්ලාදේශයටත් ලැබී තිබෙනවා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 200 වන ස්ථානයයි. ජාත්‍යන්තර පාපන්දු කවුන්සලයේ සාමාජික රටවල් 205 ක් මෙම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්.
Siyatha Top Story | 05:00 PM | Editor : Shanuka Karunarathne