News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ඉම්රාන් ඛාන් හෙට අග‍්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීම ස්ථීර වෙයි.

596 Views


ඉම්රාන් ඛාන් හෙට අග‍්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීම ස්ථීර වෙයි.

පාකිස්ථානයේ මීලග අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට ජාතික සබාව විසින් තෝරා පත් කර ගෙන තිබෙනවා. ඒ අනුව ඉම්රාන් ඛාන් හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතයි.

පසුගිය ජූලි මාසයේ පැවති මහමැතිවරණයෙන් ඉම්රාන්ඛාන්ගේ පී ටී අයි පක්ෂය ජයග‍්‍රහණය කලා. කුඩා පක්ෂ වල සහය ඇතිව ඔහු නව රජය පිහිටුවීමට සූදානම්.

65 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රධානතම අභියෝගය වන්නේ දැඩි දරිද්‍රතාවයෙන් සහ ත‍්‍රස්ථවාදයෙන් පීඩා විදින පාකිස්ථානය නව දේශයක් කරා රැුගෙන යාමයි.

ඉස්ලාමීය සුභ සාධන රාජ්‍යයක් වන පාකිස්ථානයේ දිලිදු ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සහ ¥ෂණය මැඩලීම ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුනා.

හෙට පැවැත්වෙන නව අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන උත්සවයට විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් රැුසක්ද සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post