ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ එම කාල සීමාව තුළදී ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි.
අතල් බිහාරි වජ්පායිගේ අභාවය පිළිබද ලෝක නායකයින් රැුසක් ද ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. .දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය සඳහා ශ‍්‍රි ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ඉන්දියාව බලා පිටත් පිටත් වීමට නියමිතයි.
ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි ඊයේ පස්වරුවේ අභාවප‍්‍රාප්ත වුණා. අභාවප්ප‍්‍රාප්ත වන විට ඔහු පසු වුනේ 93 හැවිරිදි වියේ යි. අතල් බිහාරි වජ්පායි තෙවරක් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධුරයටයේ කටයුතු කලා.
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe