ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කේරළයේ දිස්ත‍්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති බව සදහන්.
අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් දෙලක්ෂ 23,123 දෙනෙකු අවතැන් කඳවුරු 1 500 ක රඳවා සිටිනවා.
ඉන්දීය නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ කණ්ඩායම් 16ක්, වෙරළ ආරක්ෂක බලකා කණ්ඩායම් 28ක් සහ ජාතික ආපදා සහන සේවා කණ්ඩායම් 39ක් මගින් අවතැන් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.
ගංවතුරින් කොටු වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහ අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 11ක් සහ බෝට්ටු 200ක් පමණ යොදවා තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ එරට විදුලි සංදේශ සමාගම් විසින් ප‍්‍රාන්ත වැසියන්ට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
සියවසකට පමණ පසුව දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපැ දරුණුතම කාලගුණ විපර්යාසය මෙය ලෙස සැලකෙනවා.
Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala