News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ව්‍යාජ මුදල් නෝට්ටු 70 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට.

508 Views


ව්‍යාජ මුදල් නෝට්ටු 70 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට.

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප‍්‍රදේශයේදීයි.

ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් විසින් කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 70 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් 23 හැවිරිදි සහ 20 හැවිරිදි රත්මල්වැටිය සහ කුරුණෑගල ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද කහටගස්දිගිලිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

මේ අතර වලංගු වීසා නොමැතිව මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයෙකු තුල්හිරිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර බංගලාදේශ ජාතිකයා අද වරකාපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post