News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

වේයන්ගොඩ සිසුන් දෙදෛනකුට පහරදුන් සිසුන් 11 දෙනා රිමාන්ඩ්.

661 Views


වේයන්ගොඩ සිසුන් දෙදෛනකුට පහරදුන් සිසුන් 11 දෙනා රිමාන්ඩ්.

වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයක පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ සිසුන් 11 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකාර සිසුන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි.

අදාළ උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකුට පළමු හා දෙවන වසරවල සිසුන් පිරිසක් විසින් පහරදී තිබුණේ ඊයේ පස්වරුවේදීයි.

ඒ අදාළ පළමු වසර සිසුන් දෙදෙනා නවක වදයට විරුද්ධ වීම හේතුවෙන්. පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා ගම්පහ මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මගින් විමර්ශනයක් ද කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post