News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි.

488 Views


පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි.

පේරාදෙණිය ප‍්‍රදේශයේදී අද අලූයම යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ගලහ අල්විස් වට රවුම අසළ ඇති පොකුණට ඔවුන් ගමන් කළ යතුරුපැදිය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි සහ 37 හැවිරිදි පිළිමතලාව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

මේ අතර බුලත්සිංහල රඹුක්කන සහ ගිරිඋල්ල ප‍්‍රදේශවල සිදුවූ අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරු සම්බන්ධයෙන් රියදුරන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post