News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

වැලිගම වෙඩි තැබීමට සම්බන්ධ 06 දෙනෙකු අත්අඩංගුවට.

560 Views


වැලිගම වෙඩි තැබීමට සම්බන්ධ 06 දෙනෙකු අත්අඩංගුවට.

වැලිගම ගුරුබැවිල ප‍්‍රදේශයේ හෝටලයක සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ හෝටලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

පිරිසක් විසින් හෝටලයේ උඩු මහලේ මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම සිදු තිබෙනවා.

එම ස්ථානයේ වැටී තිබු ජීව උණ්ඩ හයක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි තැබීමට උපයෝගී කර ගත් ගිනි අවිය මෙතෙක් හමු වී නොමැති අතර එය සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයන් ද කැඳවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post