මත් කුඩු සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස මෝදර හා කොළඹ කොටුව යන ප‍්‍රදේශ වලදීයි
මෝදර ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 100 ක සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ 26 හැවිරිදි තරුණයෙක්.
ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 700 ක සමඟ 29 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කොළඹ කොටුව ප‍්‍රදේශයේ දී ද පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වුනේ හෙරොයින් ග‍්‍රෑම් 09 යි මිලි ග‍්‍රෑම් 100 ක සමඟයි.
මේ අතර මීගමුව හා කැළණිය යන ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු දැනුම් දීම සදහා පොලීසිය විශේෂ දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
මීගමුව ප‍්‍රදේශය සදහා 071 36 8000 1 අංකයත් ගම්පහ ප‍්‍රදේශය සදහා 071 32 1000 1 අංකයත් කැළණිය ප‍්‍රදේශය සදහා 071 35 8000 1 අංකයත් මගින් මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු ලබා දිය හැකියි.
Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe