News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට.

678 Views


සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ඨාස පොලිස් අපරාධ ඒකකය කල වැටලීමක දීයි.

මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසක ගංජා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිළ සුනඛයින් ද යොදා ගනිමින් මෙම වැටළීම සිදු කර තිබුණා.

එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට පත් වු අතර ඉන් එක් අයකු සතුව තිබී ගිනි අවියක සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

පසුව අදාළ නිවස පරීක්ෂා කිරීමේ දී ගිනි අවි 5ක් සහ කඩු 5ක් ,උණ්ඩ 16 ක් හෙරොයින් සහ ගංජා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post