News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

වැලිගමදී මුදල් කොල්ලයක්.

460 Views


වැලිගමදී මුදල් කොල්ලයක්.

මාතර වැලිගම ප‍්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා.

අද අලූයම සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් පා ගමනින් යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

පිටුපසින් පැමිනි පුද්ගලයින් තුන් දෙනෙකු තමා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් මුදල් පැහැරගෙන ගිය බව අදාළ ව්‍යාපාරිකයා පොලීසිය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්භන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

මේ අතර ගන්දර පරවාහැර ප‍්‍රදේශයේ සිදු වූ බැංකු කොල්ලය සම්භන්ධ සැකකරුවන් සෙයා තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඊයේ පස්වරුවේ බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් සිව්දෙනෙකු විසින් බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් තිබුණා.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post