ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ඒ අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක් වීම සදහායි.
අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනූෂාංගික කරුණු වලට විධිවිධාන සැලැස්වීම සදහා වූ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ පසුලිය 18 වනදායි.
සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. මේ අතර පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 03 ට පැවැත්වෙනවා.
හෙට පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතයි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැුස්වුනේ පෙරවරු 11 ටයි.
Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka