News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යයන් ප‍්‍රකාශයට.

2095 Views


වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යයන් ප‍්‍රකාශයට.

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කර තිබෙනවා. එහි ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එච්.ජී. සුමනසිංහ මහතායි.

කේ.එල්.එල්. විජේරත්න- ටී.පී. කොල්ලූරේ- සී.පී. සිරිවර්ධන- සුධර්මා කරුණාරත්න- ජනක සුගතදාස- ධාරණි එස් විජේතිලක සහ ලලිත් ආර්. ද සිල්වා යන මහත්ම මහත්මීන්ද එම කොමිසම සදහා පත් කර තිබෙනවා.

කොමිසමේ සමාජිකයන් අතර පී.එස්. එදිරිසිංහ- ඒ.ආර්. දේශප‍්‍රිය- බි.පී.පී.එස්. අබේගුණවර්ධන- වෛද්‍ය පාලිත අබේකෝන්- පී. තංගමයිල්- එස්.ඞී. ජයකොඩි සහ එම්.සී. වික‍්‍රමසේකර යන මහත්වරුන්ද ඇතුලත්.

රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම ස`දහා මෙම කොමිසම පත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී එමගින් ඇතිවන බලපෑම් සහ ඒවාට විස`දීම සඳහා යෝජනා කිරීම මෙම කොමිසම මගින් සිදු කරනු ඇති.

දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත‍්‍ර සඳහා දැනට ක‍්‍රියාත්මක වන වැටුප් චක‍්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීමද මෙම කොමිසම මගින් සිදු කල යුතුයි

දීපව්‍යාප්ත සේවාවන් වල සිදුකර ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවයන් අවම කිරීමට ද මෙමගින් නිර්දේශ ඉදිරිපත් කෙරෙනවා.

සමාන වගකීම් දරන වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබන්නා වූ වැටුප් වල විෂමතාවයන් අවම කිරීම සදහා නව වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කොමිසම මගින් සිදු කෙරෙනු ඇති.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post