අක්කරෙයිපත්තුව ආලේයඩිවෙම්බු ප‍්‍රාදේශීය සභාවේ රුපියල් 45 000 ක අල්ලසක් ලබා ගත් සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
එම කොමිසම සදහන් කලේ අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් කල පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි.
ඔහු විසින් මාර්ග 4 ක් සංවර්ධනය කිරීම සදහා කොන්ත‍්‍රාත්තුවක් ලබා ගෙන ඇති අතර ඒ සදහා වන අල්ලස ලබා දීමේදී සංවර්ධන නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අක්කරෙයිපත්තුවමහේස්ත‍්‍රාත්වැයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අල්ලස් ලබා ගැනීම් පිලිබද තොරතුරු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ 19 54 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දිය හැකියි.
Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka