News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

යාපනයේ නිවෙස් දේපළ වලට අලාභ හානි සිදු කිරීමට සම්භන්ධ සැකකරුවන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ.

416 Views


යාපනයේ නිවෙස් දේපළ වලට අලාභ හානි සිදු කිරීමට සම්භන්ධ සැකකරුවන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ.

යාපනයේ ප‍්‍රදේශ කිහිපයක නිවෙස් වලට අයුතු ලෙස ඇතුලූ වී දේපළ වලට පහර දී අලාභ හානි සිදු කිරීමට සම්භන්ධ සැකකරුවන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කෝපායි චුන්නාක්කම් හා යාපනය ප‍්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තා වුනේ ඊයේ දිනයේ දීයි.

යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් විසින් මෙලෙස අදාළ නිවෙස් වලට ඇතුලූ වී දේපළ වලට පහර දී අලාභ හානි සිදු කර තිබෙනවා.

සිද්ධියට සම්භන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්භන්ධයෙන් කෝපායි චුන්නාක්කම් හා යාපනය ප‍්‍රදේශ වල සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කලේ.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post