ගතවු පැය 24 තුළ ප‍්‍රදේශ 05 සිිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. චාවකච්චේරි ඇලකන්ද සුරියවැව කොබෙයිගනේ හා වාලච්චේන ප‍්‍රදේශ වල මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
චාවකච්චේරි ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රියේ ගැටී අනතුරක් සිදු වුණා.
අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට ඇතුලූ කල යතුරු පැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ඉන් මිය ගියේ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.
වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේ සිදුවූ අනතුරකින් 50 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.
මාර්ගයේ ගමන් කරමින් සිටියදී බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
සුරියවැව ප‍්‍රදේශයේ දී බවුසර රථයක ගැනීමෙන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මිය ගියා.
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමේන් කොබෙයිගනේ ප‍්‍රදේශයේ අනතුරක් සිදු වූ අතර ඉන් එක් යතුරු පැදි කරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ.
වාලච්චේන ප‍්‍රදේශයේ දී තිරෝද රථයක් මෝටර් රථයක ගැටීමෙන් ද අනතුරක් සිදු වුණා.
ඉන් එහි ගමන් කල කුඩා දරුවන් 07 දෙනෙකු ඇතුලූ 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල පසු එක් දරුවෙකු මිය ගියා.
Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe