News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

පුත්තලම මුහුදේ මසුන් අහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්.

637 Views


පුත්තලම මුහුදේ මසුන් අහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්.

පුත්තලම සහ ඒ අවට මුහුදු ප‍්‍රදේශ වල මසුන් ආහාරයට ගැනීම සෞඛයට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඉන්දියාවෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වුව ද මේ වන විට ඒවා තනුකකරණයකට ලක් ව ඇති බවයි එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

රසායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට ගොඩගැසීමෙන් මත්ස්‍ය සම්පතට හානියක් සිදු ව ඇද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සායනික ද්‍රව්‍ය, මුහුදු ජලයට මිශ‍්‍ර වී ඇද්ද යන්න සොයා බැලීමට ජල සාම්පල් රැගෙන විත් තිබෙනවා. පුත්තලම වෙරළ තීරය අපවිත‍්‍ර වි ඇත්තේ ඉන්දියාවේ භාවිත කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොග ගොඩගැසීම හේතුවෙන්.

සිරින්ජර්, ප්ලාස්ටික් හා වීදුරු ඖෂධ බෝතල් ඇතුළු සායනික අපද්‍රව්‍ය තොග විශාල වශයෙන් වෙරළට ගොඩගසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post