News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ.

574 Views


වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ.

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේ දී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

එල්ලංගා පද්ධති මගින් සබැදුණ ග‍්‍රාමීය වැව් 2, 400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය ද මේ සමග සිදු වුණා.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් පද්ධතින් නැවත ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන්.

මේ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීම සදහා වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර කි‍්‍රයාවට නැංවෙනවා.

වගාබිම් හෙක්ටයාර් 12,500 ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500 ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙමගින් සිදුවනු ඇති.

ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුථ විවිධ අයුරින් ප‍්‍රතිලාභ ලබන මුථ පවුල් සංඛ්‍යාව 40,000 ක්.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post