ඔස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යධූරයට ස්කොට් මොරිසන් තේරී පත් වී තිබනවා. ඒ අද පැවති පාලක ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ජන්ද විමසීමේ දීයි. පක්ෂ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඉවත් කල යුතු බවට යොජනාවක් ඉදිරිපත්ව තිබුණා.
පසුගිය දෙසතියක කාලය තුළ ඒ පිළිබදව ලිබරල් පක්ෂ අභන්තරයේ උණසුම් සංවායදක් පැවති අතර අවසානයේ ඊයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සදහා ජන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී ස්කොට් මොරිසන් හා පීටර් ඩූටොන් තරග වැදුනු අතර ජන්ද 45 ට ක් ලෙස ජයග‍්‍රහණය කරනු ලැබුවේ ස්කොට් මොරිසන්.
2007 වසරේ දී නිව්සවුත්වෙල්ස් හී කුක් ප‍්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ස්කොට් මොරිසන් ආර්ථික හා භූගෝල විද්‍යාව පිළිබද උපාධිදාරියෙකු වනවා. එරට ප‍්‍රධාන පෙලේ සමාගම් කිහිපයක කළමණාකාර අධ්‍යක්ෂ ලෙෂ ද ඔහු කටයුතු කර තිබෙනවා.
නව අග‍්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ මෙම ශ්‍රේෂ්ඨ ජාතියේ නායකයා වීම තමන් ලැබූ වරප‍්‍රසාදයක්ෙ ලෂ සළකන බවයි. පසුගිය වසර 10 ක කාළය තුළ දේශාපාලන බල පෙරළි වලින් පත් වූ සිව් වැනි අග‍්‍රාමාත්‍යවරයා වන්නේ ස්කොට් මොරිසන්. ඔහු ඔස්ටේ‍්‍රලියා ලිබරල් පක්ෂ නායකත්වයට පත් වීමට පෙර පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කලා.
Siyatha Top Story | Editor : Nayomi Karunasinghe