News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

අගමැති වියට්නාමයට.

519 Views


අගමැති වියට්නාමයට.

වියට්නායමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහාඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද අලූයම වියට්නායමය බලා දිවයිනෙන් පිටත්ව ගියා.

අලූයම 01:10 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කිස් 169 ගුවන් යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා සහ 08 දෙනෙකුගෙන් යුත් ¥ත පිරිස වියට්නාමය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ සියත වාර්තාකරු සදහන් කළේ.

කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව යටතේ ඉන්දීය සාගර සමුලූව ලබන 27 සහ 28 යන දින වලදී පැවැත්වෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා ලබන 27 වනදා සමුලූවේ ආරම්භක සැසිය ඇමතීමට නියමිතයි.

ඉන්දිීය සාගර කලාපයේ ආර්ථිකය ආරක්ෂාව වෙලද සහ පරිපාලන කටයුතු වලදී සාමූහිකව කටයුතු කරමින් නව කලාපීය හැඩතල ගොඩනැංවීම පිලිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇති.

සිංගප්පූරුව බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව එක්ව ආරම්භ කල මෙම සමුලූව සදහා කලාපයේ රාජ්‍ය නායකයින් රැුසක් සහභාගී වීමට නියමිතයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post