News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

ජනපති මැදමුලනට.

1823 Views


ජනපති මැදමුලනට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප‍්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියා. ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එක් වුණා.

එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පල කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමඟ ද ජනාධිපතිතුමා සුහද කථාබහක නිරත වූවේය.

අභාවප‍්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (25) සිදු කිරීමට නියමිතයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post