News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

හෙරොයින් සමග 05 ක් පොලිස් දැලේ.

464 Views


හෙරොයින් සමග 05 ක් පොලිස් දැලේ.

ගල්කිස්ස, බොරැල්ල සහ බදුල්ල ප‍්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 210 ක් සමග ගල්කිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 530 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැුල්ල ප‍්‍රදේශයේදීයි. 29 හැවිරිදි සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

බදුල්ල, බදුලූපිටිය ප‍්‍රදේශයේදී දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අවුරුදු 29 34 සහ 37 යන වයස් කාණ්ඩවල පසුවන බදුලූපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්

අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අද බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post