News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

මෙරට සියලුදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට.

573 Views


මෙරට සියලුදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට.

මෙරට සියලූදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ කොළඹ පැවති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය අමතමින්.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස 04 තුළ දිවයිනේ සියලූ රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීම සදහා විදේශීය සමාගමක ආයෝජන ද ලැබී ඇති බවයි. ඊ-හෙල්ත් ව්‍යාපෘතිය මේ වනවිට හොරණ රෝහලෙන් ආරම්භ කර තිබෙනවා. එහිදී ෆයිල්කවර භාවිතා නොකර පරිගණක භාවිතයෙන් සේවා කටයුතු සිදු කළ යුතුයි.

2030 වසර වනවිට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන බවත් ශ‍්‍රී ලංකාව ද ඊට සුදානම් විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post