News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක්.

608 Views


බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක්.

බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස එරට අගමැතිනි ෂෙයික් හසිනා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් අග‍්‍රාමාත්‍යවරයා වෙත මේ බව සදහන් කළේ වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව පැවැත්වුණු ද්විපාර්ශවික සාකච්ඡාවේදී.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්රිකයාකාරී සැලසුමක් දියත් කළ යුතු බව අග‍්‍රමාත්‍යවරයා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය අතර සාකච්ඡාවේදී සදහන් වුණා.

තේ, ධීවර, ඖෂධ හා සම් කර්මාන්තයන්හි මෙන් ම අධ්‍යාපන හා මුල්‍ය ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා ශ‍්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බව ද විදේශ අමාත්යනවරයා සඳහන් කළා.

ඉන්දීය සාගර සමුළුවේ අනාගත කාර්ය භාරය සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනුණා.

ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා අග‍්‍රාමාත්‍යවරයා පසුගිය සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව ගිය අතර අග‍්‍රාමාත්‍යවරයා අද එම සමුලුව ඇමතීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post