මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ‍්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අපේ‍්‍රල් මස 05 වනදායි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප‍්‍රදේශයේදී පැහැරගෙන ගොස් යළි මුදා හැර තිබුණා.
Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala