News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

රජය නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කල බව ජනපති කියයි.

307 Views


රජය නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කල බව ජනපති කියයි.

නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් තහවුරු කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබ`ද ශක්තිමත් පදනමක් ඇති කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා.

රටේ සියලූ මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඩ හා ස්වාධීන මැතිවරණ ලෙස පවත්වා රට තුළ ප‍්‍රජාන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිතුමා ප‍්‍රකාශ කලේ.

අද ශී‍්‍ර ලංකාව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් සහිත රටක් බව සදහන් කල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කලේ අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය ශක්තිමත් කර ඇති බවයි.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සදහා නේපාලය බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ කත්මන්දු නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් සමුලූවට සහභාගී වීම සදහායි.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post