මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමිමක් සිදු කර නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා සදහන් කලේ මින්නේරිය වනජීවි කාර්යයාලයේ හටගත් උණුුසුම් තත්වයත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂනයක් ක‍්‍රියාත්මක බවයි.
එම පරීක්ෂනය හේතුවෙන් වනජීවී කාර්යාලයේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කලා.
නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී මින්නේරිය වනජීවි කාර්යයාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකු රැුගෙන ගොස් ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීයි.
පහරදීම සදහා සියයකට අධික පිරිසක් පැමින ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අදාළ සැකකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුව ගෙන ඇත්තේ බලපත‍්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදියි.
සැකකරු හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියා.
Siyatha Top Story | 03:00 PM | Editor : Nayomi Karunasinghe