News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට.

423 Views


රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට.

ගත වූ පැය 24 තුළ සිදවූ රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බදුල්ල අලූගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුරක් සිදු වුණේ අද පෙරවරුවේදීයි. අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ බදුල්ල රෝහලටයි. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර කින්නියා සහ සෙවනගල ප‍්‍රදේශවල සිදුවූ රිය අනතුරු 02 කින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post