News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

මින්නේරිය වනෝද්‍යානය තාවකාලිකව වැසේ.

974 Views


මින්නේරිය වනෝද්‍යානය තාවකාලිකව වැසේ.

මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ මින්නේරිය වනජීවී කාර්යයාලයේ ඊයේ හටගත් උණුුසුම් තත්වයත් සමගයි.

වනජීවි කාර්යයාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීයි. පහරදීම සදහා සියයකට අධික පිරිසක් පැමින ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ සැකකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුව ගෙන ඇත්තේ බල පත‍්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදියි. සැකකරු හිඟු‍රක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියා.

මේ අතර පොළොන්නරුව කදුරුවෙල සහ නව නගරය අවට ප‍්‍රදේශයට හෙට පෙරවරු 09:00 සිට පස්වරු 06 00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post