ඔස්ටේ‍්‍රලියානු හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය පාර්ලිමේන්තු අසුනින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. සිය තීරණය පිළිබදව ජනතාව විමතියට පත් වනු ඇති බවයි මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ.
මැල්කම් ටර්න්බුල්ගේ මෙම පියවර ඔස්ටේ‍්‍රලියාා නව අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයේ පාර්ලිමේන්තු බහුතරය අවදානමට ලක් කිරීමක් බව විචාරකයින් පෙපන්වා දෙනවා.
එමෙන්ම එමගින් අතුරු මැතිවරණයක් පැවැත්වීමට ද යොමු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ලිබරල් පක්ෂයෙන් එල්ල වූ නායකත්ව අභියෝගය හේතුවෙන් මැල්කම් ටර්න්බුල්ට ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යධූරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සිදු වුණා.