News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ගලහ රෝහලේ විරෝධතාවය තවදුරටත්.

544 Views


ගලහ රෝහලේ විරෝධතාවය තවදුරටත්.

මහනුවර ගලහ රෝහල් පරිශ‍්‍රයේ විරෝධතාවය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ප‍්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ ඒ හේතුවෙන් රෝහල් පරිශ‍්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් පවතින බවයි.

රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් මෙම විරෝධතාවයට හේතුවයි. ආගමික උත්සවයකට සහභාගී වී සිටියදී ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 3 හමාරක් වු එම පිරිමි දරුවා රෝහලට ඇතුළත් කිරීමේ දී ප‍්‍රමාද වූ බව පවසමින් ජනතාව මෙලෙස නොසන්සුන් වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ‍්‍රයේ රැුදී සිටින බවයි. විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගලහ රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයන් තුළින් බලාපොරොත්තු වන්න

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post