News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයෙන් එක් දින වැඩ වර්ජනයක්.

765 Views


පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයෙන් එක් දින වැඩ වර්ජනයක්.

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය එක් දින වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තී්රණය කර තිබෙනවා.

ඒ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්.

හෙට වයඹ පළාතේ සියලූ රෝහල් වල මෙම වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක ඇතුලූ වෘත්තීය සමිති මේ සදහා එක් වීමට නියමිතයි.

එසේ වෙතත් හදිසි හා අත්‍යාවශ්‍ය ප‍්‍රතිකාර සේවා ක‍්‍රියාත්මක කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සදහන් කලේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද අම්බලන්තොට ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක නිරත වුණා.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post