නිළ සංචාරයක් සදහා නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටට ළගා වී තිබෙනවා.
එහි දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතු`ථ විශේෂ නියෝජිත පිරිසක් විසින්.
එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වුණා.
ඉන් අනතුරුවයි ජනාධිපතිතුමා සමග නේපාල නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා සුහද කථා බහකද නිරත වුනේ.
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ස`දහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමු`ථවට සහභාගී වීම ජනාධිපතිතුමාගේ නේපාල සංචාරයේ අරමුණයි.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමු`ථව හෙට කත්මණ්ඩු නුවර දී අරම්භ වනවා.
ජනාධිපතිතුමා 31 වනදා සමු`ථව ඇමතීමට නියමිතයි.
Siyatha Top Story | 05:00 PM | Editor : Nayomi Karunasinghe