News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

පළමු වරට සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් වීමට අවස්ථාව.

500 Views


පළමු වරට සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් වීමට අවස්ථාව.

සෞදි කාන්තාවන් පස්දෙනෙකුට ගුවන් නියමුවරියන් ලෙස සේවය කිරීමට අවශ්‍ය වෘත්තිමය බලපත‍්‍ර ලබාදීමට සෞදි ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.

වානිජ ගුවන්යානා පැදවීමේ හැකියාව එම කාන්තාවන් පස්දෙනාට ඇති බවයි සෞදි ගුවන් සේවා අධිකාරිය ප‍්‍රකාශ කළේ.

සුදුසුකම් ලත් සෞදි කාන්තාවන්ට ගුවන්යානා ක්ෂේත‍්‍රයට පිවිසීමට ඉදිරියේදි අවස්ථාව හිමිවන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෞදි කාන්තාවන්ට මෙලෙස ගුවන් නියමු බලපත‍්‍ර ලැබුණු පළමු අවස්ථාව මෙය වනවා.

Siyatha Top Story | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post